විදේශ රැකියාවක නිරත තම මවට කතා කිරීම සඳහා නිවසේ තිබෙන ජංගම දුරකථනයට රීලෝඩ් එකක්දා ගැනීමට ගිය 13 හැවිරිදි බාලවයස්කාර දැරියට බරපතළ අපයෝජනයක් සිදුකළ එම වෙළෙඳසැල් හිමියා අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දුරකථන කාඩ්පත් සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක හිමිකරුවකු වන 40 හැවිරිදි අයෙකි.
වින්දිත දැරිය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර එම දුරකථන වෙළඳසැල ආසන්නයේ අමතර පන්තියකට යන අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණපා තිබූ බව පොලිසිය කියයි. දැරිය අමතර පන්තියට යන අතරවාරයේදී ඉකුත්දා මෙම වෙළඳ සැලට ගොස් ඇති අතර එම
අවස්ථාවේදී සැකකාර වෙළෙඳ සල් හිමියා වෙළඳසැලේ ඉදිරිපස සහ පිටුපස දොර වසා පොහොර ගබඩා කර ඇති කාමරයට දැරිය රැගෙන ගොස් අපයෝජනය සිදුකර තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.