Sat. Jun 28th, 2025

හිටපු ජනපතිලාගේ වරප්‍රසාද කැපිල්ල ව්‍යවස්ථාවට පටහැණියි – ජනපතිගේම කමිටුව කියයි

Jan30,2025 #news #slpolitics

හිටපු ජනපතිවරුන් වෙත ලබා දී ඇති විශ්‍රාම වැටුප් ඇතුළු ප්‍රතිලාභ කිහිපයක් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ලැබෙන බැවින් ඒවා කප්පාදු කිරීමට නොහැකි බව ජනපතිවරයා ඒ පිළිබඳ සෙවීමට පත් කළ කමිටුව විසින් වාර්තා කර ඇතැයි සඳහන් වෙනවා.

එනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් කපා දැමීමට හැකියාව ඇති බව මේ ගැන තොරතුරු කියා සිටි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

දැනට හිටපු ජනපති වෙසෙන පාපන්දු පිටියක් තරම් නිවස වෙනුවට වෙනත් නිවෙසක් ලබා දීමට ජනපතිවරයා ක්‍රියාකරනු ඇතැයිද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *