Sat. Jun 28th, 2025

කුඩා බිළිදියව ඝාතනය කෙරූ සාහසික මව

Apr29,2024

මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම යන ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 9ක් වූ බිළිඳියක් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (28) උදෑසන බිළිඳියව කවුරුන් හෝ විසින් රැගෙන ගොස් ඇති බවට බිළිඳියගේ පියා විසින් පැමිණිලි කළ බවය.

පසුව පැමිණිකරු පදිංචිව සිටි නිවස ආසන්නයේ ළිඳක් තුළ තිබී බිළිඳියකගේ සිරුර ගොඩ ගෙන තිබේ.

සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ මව විසින් බිළිඳියව ළිඳට දමා ඇති බවය.

ඒ අනුව පොලීසිය විසින් සැකපිට මව ව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 30ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *