Sat. Jun 28th, 2025

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද

Aug5,2024

අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසක් පැමිණෙමින් තිබෙනවා.

ඒ අතර මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයන් මෙන්ම සර්ව ආගමිකයන් ද පැමිණෙමින් සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මෛත්‍රී මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් ඊයේ සවස ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ දේහයට ගෞරවය දැක්වූ අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්ද, විදේශ රටවල තානාපති අංශවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ද, නිලධාරීන්ද විදේශිකයන්ද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *