ඌව පළාත් මහාධිකරණයේ දී විභාග වූ කාන්තා මිනීමැරුම් නඩුවක එම විත්තිකරු වැරදිකරු බව තීරණය කළ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා .
ඒ බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේ දී 2010 ජූනි මස 19 වනදා 35 හැවිරිදි අදාළ කාන්තාවක් ඝාතනය කළේ යැයි ඇඟේ ස්වාමි පුරුෂයාට විරුද්ධව තිබූ බදුල්ල පොලීසිය විසින් ගොනු කළ නඩුවකටයි .
කාන්තාව ඝාතනය කර තිබෙන්නේ යකඩ පොල්ලකින් පහරදී බවයි පොලිස් විමර්ශන වලින් හෙළි වී ඇත්තේ .
සැකකරු හා මරණකාරීය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත් මරණකාරියට අනියම් ප්‍රේම සබඳතාවයක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් ඇඟේ පාදයකට පහර දී ඇති බවයි නඩු විභාගයේ දී අනාවරණය වී තිබෙන්නේ .
මරණය සිදුව ඇති ඇත්තේ පාදයේ එක තුවාලයක මාංශ පේශී අජීවි බවට පත්ව අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් බවයි මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ .
මේ අනුව සැකකරුට විරුද්ධව ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකකයකින් තොරව ඔප්පුකර ඇති බැවින් ඔහුට මරණ දඬුවම නියම කිරීමටයි විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ