ශ්‍රී ලාංකිකයන් සඳහා දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 750000ට අමතරව නව තොග සඳහා ඇනැවුමක් රජය විසින් තවමත් ලබා දී නැති බැවින් විදේශ රැකියා සඳහා පිටත්වීම්වලට තර්ජනයක් විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා වෙනවා.
පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය හේතුවෙන් ඉදිරියේදී දැඩි විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුමක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ. කොරියානු භාෂා විභාගය පෙනී සිටීමට විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය බව පැවසෙනවා.
වෙනත් රට රැකියා සහ පවතින ඉල්ලුම අනුව ඉදිරි සති කීපයේදී විදේශ ගමන් බලපත්‍ර 30000ක් පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබෙතැයි අනුමාන කෙරෙන අතර ගැටලුව ඒ අනුව උග්‍ර වන බවයි කියැවෙන්නේ.
මෙම ප්‍රශ්නය උග්‍ර වුවහොත් මෙරට විදේශ රැකියා අර්බුදයට යනු ඇති බවයි ක්ෂේත්‍රයේ පිරිස් ප්‍රකාශ කරන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මේ සම්බන්ධ බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවද මේ දක්වා විසඳුමක් ලැබී නැති බවද වාර්තා වෙනවා