Sun. Jun 29th, 2025

මැතිවරණය ගැන කොමිසම සහ මුදල් අමත්‍යාංශය සාකච්ඡාවක

Jul17,2024

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවකයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි රැසක් මේ වන විටත් මුද්‍රණයට භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10 ක්.

එම මුදල් සපයාගැනීම හා ජනාධිපතිවරණයට වැය වන මුදල භාණ්ඩාගාරයෙන් මුදාහැරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපතිවරණය මේ මාසය අවසන්වීමට පෙර ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (16) කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *