මිහින්තලේ, ගල්කිරියාගම පොලිස් වසමේ ආරණ්‍ය සේනාසනයකට පැවිදි වීම පිණිස රැගෙන ආ දොළොස් හැවිරිදි දරුවෙකු එම ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිල්පොල බදුල්ල ලිපිනයේ පදිංචි ඩී.එම්. මියුර අප්සර දිසානායක නම් 12 හැවිරිදි දරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
ගෙල වැළලාගැනීමෙන් අනතුරුව සිහිසුන්ව ඇති දරුවා ආඬියාගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව සඳහන්.
ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.