ඉන්ධනවලින් නිෂ්දපාදනය කරන විදුලිය හෙවත් තාප විදුලිය සඳහා විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් සිල්ලර මිලට ඉන්ධන මිලට ගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56ක පාඩුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ ආරංචිමාර්ග පවසනවා.
තාප විදුලිය සඳහා සහන මිලට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලි ගාස්තුව 11%කින් අඩු කළ හැකි බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධව උපයෝගිතා කොමිසම විසින් ලංවිම දැනුවත් කර ඇතද එයට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැත බවද වාර්තා වෙනවා.
ඛනිජ තෙල් සංස්ථාවෙන් පිරිවැය පමණක් ආවරණය කරගන්නා මිලට විදුලිය නිෂ්පාදනයට ඉන්ධන සපයන්නේ නම් මෙම කෝටි 5600ක මුදල ඉතිරිකරගෙන එම වාසිය පාරිභෝගිකයාට ලබාගත හැකි වෙනවා.