කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ අවසන් අදියරේ සිසුන් ගමන්ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැටියක වැදී පෙරළී සිදුවූ මාරක අනතුරට හේතුව රියදුරු අධික වේගයෙන් රථය ධාවනය කිරීම හා තිරිංග අක්‍රීය වීම බව මූලික විමර්ශවලින් අනාවරණය වී තිබෙනවා.
රියදුරුද මේ වනි විට අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අනතුරට මොහොතකට පෙර බස් රථයේ තිරංග අක්‍රිය බව රියදුරු විසින් පවසා ඇති බවද කියැවෙනවා.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රතිකාර ලබන පිරිසගේ ජීවිත අවදානම් තත්වය පහව ඇති බවයි වාර්තා වන්නේ.
බදුල්ල මූලස්ථාන පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වනවා.