Sat. Jun 28th, 2025

කුලියාපිටියේ තරුණයාගේ මරණයට හේතුව තවමත් සොයාගෙන නෑ

May11,2024

මාදම්පේ පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙන් හමු වූ කුලි­යා­පි­ටියේ අතු­රු­දන් තරු­ණ­යාගේ මර­ණ­යට හේතුව කුම­ක්දැයි නිශ්චිත වශ­යෙන් ප්‍රකාශ කිරී­මට සති හයක පමණ කාල­යක් ගත වනු ඇති බව හලා­වත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එස්. ඇන්ටන් ප්‍රනාන්දු මහතා සඳ­හන් කළේය.
හලා­වත රෝහලේ විශේෂ අධි­ක­රණ වෛද්‍ය වරුණ වන්නි­ආ­රච්චි මහතා විසින් මේ සිරුර සම්බ­න්ධ­යෙන් මූලික පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් සිදු කර ඇතත් තව­දු­ර­ටත් විද්‍යා­ත්මක පරී­ක්ෂණ කිහි­ප­යක් පවත්වා මර­ණ­යට හේතුව නිශ්චිත ලෙස තහ­වුරු කර­ගැ­නී­මට ඇති බැවින් මෙප­මණ කාල­යක් ගත වන බවද රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රයා පැව­සීය.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 දා උදෑ­සන කුලි­යා­පි­ටිය වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවෙ­සට ගිය මොහොතේ සිට අතු­රු­දන්ව සිටි සුසිත් ජය­වංශ (31) නමැති තරු­ණ­යාගේ මළ සිරුර පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ පසු­ගිය 7 දාය. පෙම්ව­ති­යගේ පියාගේ සහෝ­ද­රි­යගේ සැමියා අත්අ­ඩං­ගු­වට ගෙන කළ ප්‍රශ්න කිරී­මේදී හෙළි වූ තොර­තුරු මත සිරුර සොයා­ගනු ලබන්නේ පනි­රෙ­න්ඩාව රක්ෂි­තය තුළ­දීය.

සිරුර සොයා ගන්නා විට එය බොහෝ සේ නරක්ව තිබී ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු පවසා ඇත්තේ පහර දී ගෙල සිර කර මේ ඝාත­නය කළ බවයි. සොයා­ගන්නා විට මස් දිය වී බොහෝ සේ මළ සිරුර නරක් වී තිබීම හේතු­වෙන් මර­ණය සිදුව ඇති ආකා­රය ගැන සිදු කරන පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යට යම් සැල­කිය යුතු කාල­යක් ගත වනු ඇති බව සඳ­හන්ය. මෙහිදී මර­ණය සිදුව ඇත්තේ සැබෑ ලෙසම ගෙල සිර කිරී­ම­කින්ද? පහ­ර­දී­ම්ව­ලින් අස්ථි බිඳීම් සිදුව තිබේද? වසක් විෂක් ශරී­ර­ගත කර තිබේද? ආදි බොහෝ සැක සහිත අවස්ථා පරීක්ෂා කිරී­මට වෛද්‍ය­ව­රුන්ට සිදුව ඇත.
මේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට කුලි­යා­පි­ටිය පොලි­සිය සැක­ක­රු­වන් 8 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ අය අතර ඝාත­නය වූ තරු­ණ­යාගේ පෙම්ව­ති­යගේ මවු­පි­යන්ද, පියාගේ මවු­පි­යන්ද සිටින බව කුලි­යා­පි­ටිය පොලී­සිය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *