Sat. Jun 28th, 2025

කැබිනට්ටුව අද දිවුරයි: ඇමැතිකම් ලැබෙන අය මෙන්න!

ජාතික ජනබලවේගය රජයේ කැබිනට් මණ්ඩලය අද (18) උදෑසන ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.

අභිනව කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 25කට අඩුවන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දිස්ත්‍රික් මට්ටමෙන් ද සලකා බලා විද්‍යාත්මකව ඇමැති ධුර ලබා දෙන බවත් විෂය පථයන් වැඩියෙන් ඇති අමාත්‍යංශ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් ලබා දෙන බවත් සඳහන්.

හරිනි අමරසූරිය, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත, සමන්ත විද්‍යාරත්න, නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති, රාමලිංගම් චන්ද්‍රසේකර්, නිහාල් ගලප්පත්ති, වසන්ත සමරසිංහ, නලින් හේවගේ, ශාන්ත පද්මකුමාර, සරෝජා පෝල්රාජ්, නිහාල් අබේසිංහ, නාමල් කරුණාරත්න, ලක්ෂ්මන් නිපුණආරච්චි, වසන්ත පියතිස්ස, අනිල් ජයන්ත ප්‍රනාන්දු,මහින්ද ජයසිංහ, චන්දන අබේරත්න යන පිරිස ඇමැති ධුර ලැයිස්තුවේ ප්‍රමුඛව සිටින බවයි ආරංචිමාර්ග පවසන්නේ.

බිමල් රත්නායක මන්ත්‍රීරයා පාර්ලිමේන්තු කතානායක ධුරයට පත් කෙරෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *