Sun. Jun 29th, 2025

මරන්න ආ කුලී ඝාතකයන් සමග පොරබදා දිවි රැක ගත් ව්‍යාපාරිකයා

Aug16,2024

හික්කඩුව නගරයේ දී යතුරුපැදි අලෙවිසැලක හිමිකරුවකුට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට කුලී ඝාතකයන් දෙදෙනකු පෙරේදා (14වැනිදා) සවස ගත් උත්සාහය ව්‍යර්ථවී තිබෙනවා.

තමන් ඝාතනය කිරීමට ටී 56 අවියක් අමෝරා ගෙන පැමිණි කුලී ඝාතකයා සමග පොර බදා සිය ජීවිතය බේරා ගැනීමට ව්‍යාපාරිකයා සමත් වූ බවයි වාර්තා වන්නේ

ඩුබායිහි සැඟවී සිටින කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ නියෝග මත කුලී ඝාතකයන් දෙදෙනකු මෙම ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණ ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

කරන්දෙණියේ සුද්දාගේ පාතාල කල්ලිය සහ මෙම ව්‍යාපාරිකයා අතර කාලයක පටන් පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරේදා සවස 5.00ට පමණ ව්‍යාපාරිකයා සිය වෙළෙඳසැල ඉදිරිපිට සිටිය දී යතුරුපැදියක පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අවස්ථාවේ කුලී ඝාතකයා වෙත කඩා පැන ඇති ව්‍යාපාරිකයා ඔවුන් සමග පොරබදා ටී 56 අවිය ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ව්‍යාපාරිකයාට වෙඩි තැබීම පසෙකලා කුලී ඝාතකයන් දෙදෙනා යතුරුපැදියේ නැඟී පලා ගොස් තිබෙනවා.

හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *