2025 වර්ෂය සඳහා වන අය-වැය යෝජනාවලිය අද (17) ජනපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එයින් 2025 වසර සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ නමුත් වියදම් ලෙස එකතුව රුපියල් බිලියන 7190ක් දැක්වෙනවා.
ඒ අනුව ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් බිලියන 2200ක් බවයි පෙනී යන්නේ. අපේක්ෂිත ආදායම මෙලෙසින් ලබා ගැනීම සාමාන්‍යෙයන් අපහසු වන බැවින් මෙම පරතරය තවත් වැඩි විය හැකි බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.