Sat. Jun 28th, 2025

නැගණියට කරදර කරනවා කියා මස්සිනාව කපා කොටා මරා දැමූ අයියා

May22,2024

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී පිය පුතු යුවලක් එක්ව තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටී ලසන්ත පුෂ්ප කුමාර නමති 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මියගොස් ඇති පුද්ගලයාගේ නැගණියට ඇයගේ ස්වාමියා නිතර නිතර කරදර සිදුවන බව පවසා එය විමසීමට යාමේදී දෙදෙනා අතර ඇතිවූ කතාබහකින් පසු ගැටුම සිදුව ඇති බවත් මියගොස් ඇති පුද්ගලයා ගේ පියාද ගැටුමට මැදිහත්ව ඇති බවත් සදහන් වේ.

මියගොස් ඇති පුද්ගලයා දෙපා සහ දෑත්වලට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයක වැටී සිටියදී 1990 සුවසැරියෙන් ගෝනදූව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත්, ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඝාතකයාද කැපුම් තුවාල ලබා සිට පොලිසියට පැමිණ රෝහල් ගතවන බව දන්වා නාගොඩ රෝහලට ගොස් ඇතුළත්ව, පසුව සොයාබලීමේදී ඉන් පැනගොස් ඇති බවද වාර්තාවේ .

මොරොන්තුඩුව ස්ථාස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් සැකකරු සොයා පරීක්ෂණ සිදුකරති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *