දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45කට යුද හමුදා භට පිරිස් යොදවා ඇති බව යුද හමුදාව පවසනවා.
ඒ අනුව නුවර කටුගස්තොට, මාතලේ, පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළු දුම්රිය ස්ථාන 45කට මෙලෙස ආරක්ෂාව ලබා දී ඇතැයි යුද හමුදාව පවසන්නේ.
ආරක්ෂක අමාතයාංශය විසින් හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව දුම්රිය ස්ථානවලට ආරක්ෂාව සපයනු ලබන පොලීසියට අමතර සහයක් ලෙස මෙලෙස හමුදා නිලධාරීන් යොදවා තිබෙනවා.