ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ විශාල කන්දක් නායයෑම හේතුවෙන් නිවාස 8ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
අද (27) දහවල් 1ට පමණ මෙම නායයෑම සිදුවී තිබුණා.
මෙම නායයෑමට ලක්වූ ස්ථානයට පහළින් ගලාබසින ගැටහැති ඔය මුලුමනින්ම හරස්වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවධානමක් ද හටගෙන තිබෙනවා
මේ වනවිට නායයෑම සක්‍රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා සිටින බවද සඳහන්.