Sat. Jun 28th, 2025

මහ සමන් දේවාලයේ කටයුතු අර්බුදයක: ආණ්ඩුවට චෝදනා!

Jan6,2025 #news #slpolitics

රත්නපුර මහ සමන් දේවාලයේ ඇතුල් කට්ටුවේ නිල රාජකාරි මඬුල්ල ඊයේ (5) දිනයේ සිට රාජකාරියෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබෙනවා.

සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී ඇති අතර වැඩබලන බස්නායක නිලමේවරයෙක් බෞද්ධ කටයුතු ලේකම්වරයා විසින් පත් කර තිබෙන අතර ආණ්ඩුවට හිතවත් අයෙක් මෙලෙස පත් කර ඇති බවට චෝදනා කරමිනුයි අර්බුදය හටගෙන ඇත්තේ.

දේවාලයේ ඉදිරි දොරටුව අසල රැස්වූ පිරිස නිහඬ විරෝධයක්ද පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ අදහස ප්‍රකාශ කරනු පිණස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හෙට දිනයේ මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවා ඇතැයි සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *