බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (20දා) බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම් නියම කළා .
එයට අමතරව රුපියල් 20,000 ක දඩයකට විත්තිකරු යටත් කළ විනිසුරුවරයා, අතවරයට පත් දරුවාට රුපියල් ලකක්‍ෂ 1 1/2 වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළේය.
විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා, විත්තිකරුට එම දඬුවම් නියම කළේය.
2013.09.02 – 2013.11.02 අතර කාලය තුළදී කොළඹ තදාසන්න ප්‍රදේශයකදී එම අපරාධය සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.