Sat. Jun 21st, 2025

15 වන රණවිරු සැමරුම් උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්

May19,2024

තිස් වසරක්  පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19)  බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක ලේකම්ගේ, ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහාගිත්වයෙන්   සහ  යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙම සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිතය

මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයට යුද්ධයේදී සිය ජීවිත කැපකර ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීමට හා දැනට සේවයේ නියුතු රණවිරුවන් ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *