ණය ප්‍රතිවයුහගතකරන වැඩ පිලිවෙලට සහාය දැක්වූ ලොව පුරා සිටින මෙරට මිත්‍ර රටවලට හා හවුල්කරුවන්ට අමාත්‍ය අලි සබ්රි මහතා ස්තුතිය පල කරනවා.
මෙරට ආර්ථික ප්‍රකෘතිය සඳහා වූ අපගේ ගමන අභියෝගාත්මක වූ අතර ණය හිමි රටවල නොසැලෙන සහයෝගය හා උපකාරිත්වය එම ගමන යතාවත් කර ගැනීම සදහා දායක වූ බව අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දෙනවා.
ඉන්දියාවට, පැරිස් සමාජයට, ජපානයට, චීනයට, හා රිස් සමාජයේ නොවන සියලුම සාමාජිකයින්ට, දැක්වූ නොසැලෙන කැපවීමට ස්තූතිවන්ත වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවයි අමාත්‍ය අලි සබ්රි මහතා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් සඳහන් කරන්නේ.