Sat. Jun 28th, 2025

වෛද්‍යවරු වැඩවර්ජනය අත්හරී

Mar4,2025 #doctor's strike #strike

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණයට එළඹී ඇත්තේ අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින්, ඔවුන් මෙම විරෝධතාව සිදු කිරීමට සැලැසුම් කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *