Sat. Jun 28th, 2025

ගුරුවරු අකුරට වැඩ

Jul22,2024

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඒ අනුව ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් අද සිට ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බාහිර කිසිදු කටයුත්තක නොයෙදෙන බව ද ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළා.

ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් එම කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සමග හෝ පළාත් අධ්‍යාපන කාර්යාල සමඟ හෝ කටයුතු කරන සියලු වට්ස් ඇප් සමූහවලින් ඉවත්ව සිටින බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *