අධ්‍යාපන අමාත්‍ය ධුරය දරණ අගමැතිනි හරිනි අමරසූරිය කටයුතු කරන්නේ නිලධාරීන්ගේ මතය අනුව පමණක් බවත් මේ දක්වා කිසිදු වෘත්තීය සමිතියක් සමඟ ඇය කිසිවක් සාකච්ඡා කර නැති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා.
සේවයේ නිරත වී සිටින දෙලක්ෂ හතලිස්දාහක් ගුරුවරුන්ගෙන් ලක්ෂයකගේ උසස්වීම් තවමත් ලබා ගැනීමට හැකි වී නැති බවත් වැටුප් වර්ධක ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු කියා සිටිනවා.
උසස් පෙළ සිසුන් පාසලට ගෙන්වා ගැනීම ආදිය ගැන අගමැතිවරිය අදහස් පළ කළත් ගුරුවරුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය ගැන ඇය කිසිවක් ප්‍රකාශ නොකරන බවද ලේකම්වරයා පවසනවා.
කෙසේ වෙතත් ගුරුවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති නියෝජිතයන් හෙට (7) රැස් වෙන බව ඔහු කියා සිටියා.