Sun. Jun 29th, 2025

තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළට‍

Jul29,2024

තේ පොහොර සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවා තිබෙනවා.

මෙතෙක් තීරණය කර තිබුණේ එම සහනාධාරය රුපියල් දෙදහස දක්වා ලබාදීමටයි.

දැනට රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී තිබෙනවා.

එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ නැංවීම මෙහි ඉලක්කයයි.

මීට පෙර තේ වගාවට පොහොර යෙදීම සදහා රුපියල් දෙදහසක සහනාධාරයක් ලබාදීමට තීරණය කළත් නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බවටයි පෙනීගොස් තිබෙන්නේ.

ඒ අනුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙන්නේ එම සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවන ලෙසයි.

එළඹෙන මහ කන්නයේ සිට පොහොර සහනාධාරය ලබාදීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *