2018 වර්ෂයේ සිට මේ දක්වා මෙරට පොදු ප්රවාහන ක්ෂේත්රයේ බස් රථ 5000ක හිඟයක පවතින බවත් කර්මාන්තය පවත්වාගෙන යෑමේ අභියෝගයක් පවතින බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ආනයනය සඳහා වැට් බද්ද ඇතුළත්ව මේ වන විට රුපියල් ලක්ෂ 170ක් පමණ වැය වන බව පවසන ඔහු මේ වියදම් පියවා ගැනීමට අවම බස් ගාස්තුව රුපියල් 50 ක්වත් විය යුතු බව කියා සිටිනවා.
පෞද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන්ද බදු සහන සලසන ලෙස සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටිනවා.
පොදු ප්රවාහන ක්ෂේත්රයේ වැරදි කළමනාකරණය හේතුවෙන් වාර්ෂිකව රටට රු. බිලියන 500ක පමණ පාඩුවක් සිදුවන බව ඇස්තමේන්තු කර තිබෙනවා.