සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු හත්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වෙනවා.
වෙඩි තැබීම සිදුවූ පසුගිය 8 වනදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පසුගිය 10 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.