Sat. Jun 28th, 2025

T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වෙයි

Aug27,2024

එළඹෙන ඔක්තෝබර් මසදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාළ තරග කාලසටහන ඊයේ (26) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතයි.

එහි A කාණ්ඩයෙන් වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරග වදී.

B කාණ්ඩයට වත්මන් අනුශූරයන්වන දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත්ව තිබෙනවා.

තරගාවලිය ඔක්තෝබර් මස 03 වෙනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය පාකිස්ථානය සමඟින් එදින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.00ට පැවැත්වෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *