Sat. Jun 28th, 2025

රනිල් ගහන අලුත් කොක්ක ගැන සුසිල් කියයි

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

“රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මතය අපට එවලා තිබුණා. ඒකට අපි එකඟවුණේ නැහැ අමාත්‍ය මණ්ඩලය විදිහට. ඒ නිසා අපි ආපසු යැව්වා සතියක් තුළ අපට දැනුම්දෙන්න මේක ප්‍රායෝගික විසඳන ක්‍රමය ගැන කියලා. ඒ වගේම ජනාධිපතිවරයා එකඟවුණා ඔවුන් අභ්‍යාසලාභීන් විදිහට අරගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරන්න. මොකද අවුරුදු 05ක් මේ පිරිස පාසල්වල පුහුණු වුණා. මේ අයව කාර්යාලවලට දාන්න බැහැ. අපිට තියෙන්නේ මේ පිරිස මෙතෙනට අරගෙන PGD එකදීලා පුහුණු කරලා පාසල් තුළ තියාගන්න. මේ ටික සම්පූර්ණ වෙනකොට ගුරු වර්ග අනුව සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා.”

කෙසේ වුවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අදාළව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය නිසා මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා ද ප්‍රකාශ කර තිබියදී නව ගුරු පත්වීම් පිළිබඳව සිදු කළ මෙම ප්‍රකාශයෙන් මැතිවරණ නීති තව දුරටත් උල්ලංඝණය වනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *