ශ්‍රී ලංකාවේ ප්‍රකට ධාවන ශූරියක සහ උපදේශිකාවක වූ සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාව හැරගොස් ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඇතැයි වාර්තා වෙනවා. මෙරටට නැවත පැමිණීම අස්ථිර බව පැවසෙන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇය මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකාව වෙත අනභිභවනීය ගෞරවයක් අත්කර දුන් සුසන්තිකා ජයසිංහ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගත්තා. 2020 වසර දක්වා එනම් වසර 21 පුරාවටම එම පදක්කම දකුණු ආසියානු රටක් දිනාගත් එකම ඔලිම්පික් පදක්කම ලෙස වැජඹුණා. ඇයව හඳුන්වනු ලැබුවේ ආසියාවේ කළු වෙළඹ යනුවෙනුයි.
මහින්ද රාජපක්ෂ ජනපති ධුරයට පත් කිරීම වෙනුවෙන් ඇය ඔහුගේ වේදිකාවට ද ගොඩ වූ අතර එය කතාබහට ලක් වූ සිදුවීමක් වුණා. විවාහ ජීවිතයේ සිදුවූ ගැටලු නිසාද වරෙක පුවත් මැවූ ඇය මේ වන විට සැමියාගෙන් වෙන්වී තනිව ජීවත් වෙන බව සඳහන්.