ප්‍රකට දේශපාලන විචාරකයෙක් වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (2) පෙරවරුවේදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී වයස 96ක් වූ ඔහු අභාවයට පත් වූ බවයි පවුලේ ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු 2010-2015 කාලයේදී පාර්ලිමේන්තුව නියෝජනය කළේ ජාතික ලැයිස්තුව තුළින්.
හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ද වූ ඔහු ස්වාධීන රූපවාහිනියේ “දොරමඬලාව” වැඩසටහනේ ඉදිරිපත් කළ අදහස් නිසා ප්‍රකට වුණා.