පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් රජයෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම රට පුරා සුරාසැල් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ විනිවිදභාවයේ අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කරමින් සුමන්තිරන් ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම සිදු කළා.
මෙම සුරාසැල් විවෘත කිරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුව නිකුත් කරන ලෙස එහිදී ඔහු රජයෙන් ඉල්ලා සිටියා.
“රට පුරා සුරාසැල් සම්බන්ධයෙන් පුළුල් ප්‍රශ්නයක් පවතිනවා, මෙම බලපත්‍ර අනුමත කිරීමට නිර්දේශ කළේ කුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ දේශපාලඥයන්ද යන්න මහජනතාව දැනගත යුතුයි. ඉදිරි මැතිවරණයට පෙර මෙය ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. එවිට ඊට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේ දී තනතුරුවලින් ඉවත් කළ හැකියි.”යනුවෙන් සුමන්තිරන් ප්‍රකාශ කළා.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඇතැම් පුද්ගලයන් මුල්‍ය වාසි තකා මත්පැන් බලපත්‍ර විකුණා ලාභ ලැබූ බවට තොරතුරු පවතින බවයි.