Sat. Jun 28th, 2025

සුමන්තිරන්ගේ සහය අනුරට

වෙනත් ජනාධිපති අපේක්ෂකයකුට සහාය දිය හැකි නමුත් දූෂණයට එරෙහිව සටන් කිරීමේදී අනුර කුමාර දිසානායක සමඟ සිය කණ්ඩායමේ හවුල්කාරිත්වය ස්ථිරව පවතින බව ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසනවා.

සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ වෙනසක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම මුල් බැස ඇත්තේ දූෂණයෙන් තොර පාලනයක් සඳහා වූ දීර්ඝ කාලීන ඉල්ලීමක් තුළ බවයි. ඒ නිසා දුෂණ තුරන් කිරීමට අනුර කුමාර දිසානායකගේ ඇති කැපවීමට සහාය පළ කරන බව සුමන්තිරන් වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ප්‍රජාවගේ ප්‍රමාණය හෝ භාෂාව පිළිබඳ නොසළකා සියලු ප්‍රජාවන්ට රාජ්‍ය බලතල සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම සැබෑ වෙනසකට ඇතුළත් බව ද ඔහු පෙන්වා දුන්නා.

වාර්ගික ඇඟවුම් සඳහා ඇති හැකියාවන් ආමන්ත්‍රණය කරමින් සුමන්තිරන් අනුර දිසානායකව ආරක්ෂා කළේ ඔහු ජාතිවාදයට එරෙහිව සටන් කිරීමට නිරතුරුව ක්‍රියා කර ඇති බවත්, සියල්ලන් ඇතුළත් පාලනයක් සඳහා කැපවී සිටින බවත් සඳහන් කරමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *