Sun. Jun 29th, 2025

සුමන්තරන්ගේ රිය හැපෙයි

Jul28,2024

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා ගමන් ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (27) පස්වරුවේ අදාළ අනතුර සිදු වූ බවයි, කිලිනොච්චි පොලිසිය සඳහන් කළේ.
මන්ත්‍රීවරයා කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් සිටිය දී අදාළ අනතුර සිදුවී ඇති බව සඳහන්.
මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී ගැටී ඇති බව ද පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියා.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
එම්.ඒ සුමන්දිරන් මහතාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *