Fri. Jun 27th, 2025

වසර තිහකට පෙර වැසූ සීනි කම්හලෙනුත් වැටුප්-අතිකාල අරන්!

Feb14,2025

1994 වසරේ වසා දැමූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වන්දි ලබා දී ඉවත් කළ සේවකයින් 33 දෙනෙක් සඳහා2020 සිට 2023 වර්ෂ වලදී පමණක් රුපියල් හය කෝටි තිස් දෙලක්ෂ තිස්එක්දහස්පන්සිය හැත්තෑඅටක මුදලක් වැටුප්, දීමනා, අතිකාල,සේවක අර්ථසාධක,සේවක භාරකාර අරමුදල් වශයෙන් ගෙවා ඇති බව වාර්තා වෙනවා.

1999 වර්ෂයේ සිට කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු නොවූ මෙම කර්මාන්ත ශාලාවේ වත්කම් ආරක්ෂා කිරීම හා අනෙකුත් කාර්යන් වෙනුවෙන් සාමාන්‍යධිකාරී සහ අනෙකුත් සේවකයින් 33දෙනෙක් විසින් මෙම වැටුප් ලබා ඇති බව සඳහන් වෙනවා.

ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ඇතුලත මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2020 ජනවාරි සිට 2023 දෙසැම්බර් දක්වා මූල්‍ය වර්ෂ වල මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගනකාධිපති වෙත ලැබී නොමැති බව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *