නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහය වැඩිවීම හේතුවෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ඇතුලු ප්‍රදේශ කිහිපයක ඉතා තද සුළං ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ අංශ දැනුම් දෙනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල සහ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 60 ඉක්මවූ තද සුළං ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර් 40 ඉක්මවූ තරමක තද සුළං ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.