මෙවර මහමැතිවරණය පෙර නොවූ විරූ මහමැතිවරණයක් ලෙස දේශපාලන විචාරකයන් විසින් හඳුන්වනු ලබයි. කෙසේ ද යත්, පූර්වයේ පැවැති මැතිවරණ සංස්කෘතිය සපුරාම මෙම මැතිවරණය වෙනස් කළ නිසාවෙන්. එසේ ම මැතිවරණ ප්‍රතිඵල අනුවද මෙවර 2024 මහමැතිවරණය විවිධාකාර වාර්තා රැසක් පිහිටවනු ලැබුවා. මේ එම වාර්තා ගැන විස්තරයක්.
මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)
මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)
මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)
මහමැතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)
දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)
මහමැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)
මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)
සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව
මීට පෙර මැතිවරණයේ 3% ඡන්ද පදනමක සිට 61.5%ක් දක්වා ඡන්ද පදනම වැඩිකරගත් පළමු අවස්ථාව.