Sat. Jun 28th, 2025

හිරේ ඉඳන් ජොනී ලිව්ව ලියුමක් ගැන හෙළිදරව්වක්

Oct29,2024 #bmw #johnston #transport #vehicle

ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හඟවමින් ජනමාධ්‍ය ඔස්සේ පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පවසනවා.

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ලිපියක් නිකුත්කර ඇති බව එම වාර්තාවල සඳහන්ව ඇති බවත් බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාළ බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමුකළ යුතු බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

එවැන්නක් බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව කළ යුතු බවත් මෙම ලිපිය පළවීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *