Sat. Jun 28th, 2025

ලක්ෂ 05ක චීස් හොරකමක් මාට්ටු

චීස් පාර්සල් විසි අටක් සොරකම් කළ ගබඩා පාලිකාවක් ඇතුළු තිදෙනෙකු පමණුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ රාත්‍රී ජංගම රාජකාරියේ යෙදුණු නිලධාරීන් පිරිසක් විසින්.

අදාළ ගබඩා පාලිකාව දිවයිනේ ප්‍රමුඛතම චීස් සමාගමක සේවය කරන්නියක බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු පිරිස ජාඇල ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් චීස් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *