Sun. Jun 29th, 2025

ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත රාජ්‍ය ආයතන වගකීම් වලින් ඉවත් වෙයි

Aug27,2024

ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට දැනුම් දීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා යටතේ ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී ආයතනය පාලනය වුණා.

තමන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා හා එක්ව ධීවර ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කරන බවත් තමන්ට ඇති පුද්ගලික හා රාජකාරීමය හේතුන් කිහිපයක් මත මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *