2025 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.
නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට එක්වෙමින් ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියා.
එසේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ට ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර රැගෙන යන්නට ඇති බව කියා සිටි ලාල්කාන්ත, ජනාධිපතිවරණයෙන් පරාජය වී නිවසට වි විශ්‍රාම සුවයෙන් සිටිම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරිම හාස්‍යයට කරුණක් බව ලාල් කාන්ත මහතා වැඩි දුරටත් කියා සිටියා.