Sat. Jun 28th, 2025

තාක්ෂණයේ ආරක්ෂාවට විසඳුම් ඉල්ලන තාරක

Jul30,2024

කෘත්‍රිම බුද්ධිය වැනි නව හා නැගී එන තාක්ෂණයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් පැණ නගින අභියෝගවලට සාමූහිකව විසඳුම් ලබා දෙන ලෙස ආසියා පැසිෆික් කලාපයේ නායකයන්ගෙන් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඉල්ලා සිටිනවා.

ඒ කෘත්‍රිම බුද්ධිය අනිසි භාවිතයට එරෙහිව පියවර ගැනීමේ අරමුණින්.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇමතුවා.

ඒ ලාඕසයේදි යි.

සාමය, ආරක්ෂාව හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ උත්සාහයන් අඛණ්ඩව පවත්වා ගැනීමට අමතරව, සයිබර් හා ජාල ආරක්ෂණ පද්ධති සඳහා වන අභියෝගවලට මුහුණ දීම මෙන්ම අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සංසදය විසින් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

කලාපයේ සමහර ප්‍රදේශවල සිදුවන සයිබර් අපරාධ හා රැකියා ජාවාරම්වලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියා.

සාමාජිකයින් 27 දෙනෙකු සහභාගී වූ මෙම සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ මුලසුන හොබවන ලද්දේ ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ලාඕස් හි නියෝජ්‍ය අගමැති හා විදේශ ඇමති සැලෙවුම්ක්සේ කොමාසිත් විසින්.

මේ අතර චීන විදේශ කටයුතු උප ඇමති සන් වෙයිදොන්ග් මහතා සහ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා අතර හමුවක් ද පැවැත්වුණා.

ඒ ලාඕසයේ පැවති 31 වන ආසියාන් කලාපීය සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීවයි. චීනය සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ එහිදී සාකච්චා කෙරුණා.

එමෙන්ම පිලිපීනය, යුරෝපා සංගමය, රුසියාව, බංග්ලාදේශය, පැපුවා නිව්ගිනියාව හා ලාඕසය නියෝජනය කරන දූත පිරිසක් ද අමාත්‍යවරයා හමුවුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *