Sun. Jun 29th, 2025

ජාත්‍යන්තර කම්කරු නීතිවලට ගැලපෙන ලෙස ලංකාවේ කම්කරු නීති වෙනස් කරනවා

Jun12,2024

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර ජිනීවා හි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින් පවසනවා.

මේ අරමුණ සාර්ථක කරගනු වස් “රැකියා පනත” නම් නව කම්කරු නීතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සූදනමින් සිටිනා බවත්, නව නීතිය ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ILO සම්මුති 189 ට අනුගත බවත්, මෙම පනත බලාත්මක කිරීමත් සමඟ ILO සම්මුතීන් 155 සහ 190 අපරානුමත කිරීමට අපි සැලසුම් කරනා බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

COVID-19 වසංගතය හේතුවෙන් 2022 ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව 2023 දී නිවැරදි කලමනාකරණය මගින් සිය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළා

සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක ප්‍රතිපත්ති ගැලපීම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සාර්ව ආර්ථික තත්ත්වයන් ඊට හේතුවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ජාතික ආර්ථිකයට කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම සහ කාන්තාවන්ට යහපත් රැකියාවක් සහතික කිරීම සඳහා, ILO සහ IOM ආයතනයන්ගේ කොළඹ කාර්යාක සමග සහයෝගයෙන් කටයුතු කරනා අතර සත්කාරක සේවිකාවන් 10,000 ක් පුහුණු කිරීමේ වැඩසටහනක් අපි ආරම්භ කර තිබෙනා බව ඔහු එහිදී සඳහන් කළේය

අමාත්‍යවරයා වැඩි දුරටත් දැක්වූ අදහස්

”ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට පසුගිය කලයේ පත්වූ සෑම රජයක්ම උත්සහ ගත් නමුත් එය සාර්ථක වුනේ නෑ. පසුගිය මාසයේදී අපි ඔවුන්ගේ වැටුප් 70% කින් වැඩි කළා . එය පසුගිය වසර 200 තුළ ඔවුන් ලැබූ ඉහළම වැටුප් වර්ධකයයි.

ශ්‍රී ලංකා රජය, ILO සම්මුතිය 102 හි දක්වා ඇති පරිදි, පුළුල් සමාජ ආරක්ෂණ පද්ධතියක වැදගත්කම පිළිබඳව අපි විශ්වාස කරනා බව පවසන්නෙමු. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සම්මෙලනයේ සහය ඇතිව අපි පුළුල් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටිමු.

තවද, අවිධිමත් අංශයේ සේවකයන්ට සමාජ සාධාරණත්වය ඉටුකිරීමේ ගමනක් මගේ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. “ගරු සරු ” (Dignity of Labour) වැඩසටහනේ අරමුණ වන්නේ රට පුරා සිටින අවිධිමත් අංශයේ සේවකයින්ගේ පිළිගැනීම, ආරක්ෂාව සහ අභිමානය ඉහළ නැංවීමයි. මෙම වැඩසටහන යටතේ, අවිධිමත් අංශයේ සේවකයින් සංවිධානය කරනු ලබන අතර, රැකියා නියමයන් සහ කොන්දේසි තීරණය කිරීම සඳහා ඔවුන්ගේ වෘත්තීන් මත පදනම්ව ජාතික මට්ටමේ සභා පිහිටුවනු ඇත.

මම මෙහි පැමිණ සිටින නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම ආකාරයකින්ම මෙම වැඩසටහනට සහය දෙන ලෙසයි.”

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *