Sun. Jun 29th, 2025

ශ්‍රී ලාංකිකයින් යුද්ධයට බඳවා ගන්නේ නැහැ – රුසියාවෙන් සහතිකයක්

Jun11,2024

රුසියා හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම සිදුනොකරන බවට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් අමාත්‍ය අලී සබ්රි මහතා වෙත පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

අමාත්‍ය අලී සබ්රි මහතා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති විශේෂ හමුවක් අතරතුරදියි මේ බව සදහන් කර ඇත්තේ.

2024 බ්‍රික්ස්, විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සැසියට සහභාගී විමට අමාත්‍ය අලී සබ්රි රුසියාවට ගොස් සිටින අතර එහිදියි මෙම සාකච්ඡාව සිදුකෙරුණේ.

එහිදි දෙරට අතර සංචාරක, උසස් අධ්‍යාපන හා ආර්ථික සහයෝගීතාව ඇතුලු ද්විපාර්ශික සබදතා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ.

සාකච්ඡාව අතරතුරදි රුසියා හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලු පිළිබද අමාත්‍ය අලී සබ්රි මහතා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයාව දැනුවත් කර තිබෙනවා.

එම ගැටලු නිරාකරණය කර ගැනීමට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි රුසියා විදේශ කටයුතු ආමත්‍යවරයා මෙහිද සදහන් කර ඇත්තේ.

එමෙන්ම මෙම මස 26 / 27 යන දෙදින තුළ දී රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ නායකත්වයෙන් විශේෂ දූත පිරිසකට රුසියාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ හමුවක් පැවැත්විමට ද එකගතාවය පළ වී තිබෙනවා.

එහිදි අදාළ ගැටලුව සවිස්තරාත්මකව සමාලෝචනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එකගතාවය පළ වු බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *