T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී වූ දෙවනි තරඟයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයක් හිමි වුණා.
ඒ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය කඩුලු 06 කින් ඕස්ට්‍රේලියාකු කණ්ඩායම ජය ගැනීම නිසා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩයම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 93ක් රැස්කළේය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 03 ක් රැස්කර සිටියදී දැවී ගිය අතර විශ්මි ගුණරත්න කිසිදු ලකුණක් නොලබා දැවීගියාය.
අනතුරුව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් ද කවීෂා දිල්හාරි ලකුණු 5ක් ද හෂිනි පෙරේරා ලකුණු 2ක් ද අනුෂ්කා සංජීවනී ලකුණු 16ක් ද නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් ද රැස් කළා.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Megan Schutt කඩුළු 03ක් ද Sophie Molineux කඩුලු 02ක් ද Ashleigh Gardner සහ Georgia Wareham එක් කඩුල්ල බැගින් ද දවාගැනීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 94ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 02ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී නියමිත ලකුණු සීමාව පසුකර ගියා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Alyssa Healy ලකුණු 17ක් ද Georgia Wareham ලකුණු 03ක් ද Ashleigh Gardner ලකුණු 12ක් ද Beth Mooney නොදැවී ලකුණු 43ක් ද රැස්කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරි එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් වුණා.
තමන් සහභාගී වූ පළමු තරඟ දෙකම ජයගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ වටයට සහභාගී වීමේ දුෂ්කරතාවයකට මුහුණදී සිටිනවා.