එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා විශේෂඥ දඟ පන්දු යවන්නෙකුගෙන් තොරව ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ අනුව දඟ පන්දු යනව ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.
එසේම නිශාන් මදුෂ්ක වෙනුවට දෙවන තරඟයේදී විවේක ගන්වන ලද කුසල් මෙන්ඩිස් ද තුන්වන තරඟයට කැඳවා තිබෙනවා.
ඊට අමතරව නායක ධනංජය සිල්වා සමඟ දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, ලහිරු කුමාර, සහ අසිත ප්‍රනාන්දු තුන්වන තරඟයට ක්‍රීඩා කරනු ඇති.
තරඟය අද (06) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03ට ආරම්භ වීමට නියමිතයි.