ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස්කරගෙන සිටියා.
එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 325ට පිළිතුරු වශයෙන්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටිනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී ද තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වුණා. ඒ වන විට කඩුල්ලේ රැඳි සිටි නායක ධනංජය ද සිල්වා ලකුණු 64ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කරගෙන සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් ලකුණු 93ක් තුළ බිඳවැටී තිබියදී පිටියට පිවිසි ධනංජය සහ කමිඳු මේ වන විට 06වැනි කඩුල්ලට ලකුණු 118ක නොබිඳුණු සබඳතාවක් ගොඩනංවා තිබෙනවා.
ඊට අමතරව පැතුම් නිස්සංක ද ලකුණු 64ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළා.
එංගලන්තය වෙනුවෙන් ඔලී ස්ටෝන් කඬුලු 02ක් දවා ගත් අතර ක්‍රිස් වෝක්ස් හා ජොෂ් හල් එක් කඬුල්ල බැගින් දවා ගත්තා.