ශ්‍රී ලංකා පොලිසියේ යූ ටියුබ් චැනලය බාහිර පාර්ශ්වයක් අතට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඒ බව ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ වාර්තා කර තිබෙනවා.
කඩිනමින් එය යථාවත් කිරීමට කටයුතු කරන බවත් දැනට එහි සිදුවන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා පොලිසියේ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වන ඒවා බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
