Tue. Apr 29th, 2025

කමිඳුගේ ශතකය සමඟ ශ්‍රී ලංකාව ශක්තිමත් අඩියක

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවන දිනය අවසන් වූයේ කණ්ඩායම් දෙකෙටම සම ගෞරවය හිමි කර දෙමින්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර දිනය අවසන් වන විට ඔවුන් කඬුලු 07ක් බිඳ වැටී ලකුණු 302ක් ලබා ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය සිව්වන ටෙස්ට් ශතකය වාර්තා කළා. සිය පළමු ටෙස්ට් ශතක 04 වෙනුවෙන් අවම ඉනිම් ගණනක් වැය කළ ක්‍රීඩකයා වීමට අද කමිඳු සමත් වුණා. එසේම ටෙස්ට් වරම් ලබා ගැනීමෙන් පසු පළමු ටෙස්ට් තරඟ 07දීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවන ක්‍රීඩකයා වීමට ද අද කමිඳු සමත් වුණා.

මෙම ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා ගත්තා.

නවසීලන්තය වෙනුවෙන් විල් ඕ‘රොව්කි කඬුලු 03ක් බිඳුහෙලූ අතර ග්ලේන් පිලිප්ස් කඬුල් 02ක් බිඳ හෙලුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *