Sun. Jun 29th, 2025

ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වියදම් කරන්න ඕනේ මෙහෙමයි

Aug20,2024

එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් එකසිය අසූ හය කෝටි දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක මුදලක් වියදම් කළ හැකි බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අපේක්ෂකයෙකු, ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 109ක් බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

වියදම් කළ හැකි රුපියල් කෝටි 186ක මුදලින් සියයට 60ක ප්‍රතිශතයක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කළ හැකි වෙනවා.

සෙසු සියයට 40 ප්‍රතිශතය ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කළ හැකි බව අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතුයි.

එම වාර්තාව සැකසීමේ දී ප්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *